ලක්ෂ්මන් යාපාටත් ආණ්ඩුකාර ධුරයක් ලැබෙයිද ?: හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාටද පළාත් ආණ්ඩුකාර ධූරයක් හිමිවනු ඇති බව වාර්තා වනවා.
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාටද පළාත් ආණ්ඩුකාර ධූරයක් හිමිවනු ඇති බව වාර්තා වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම හෙට සිදුකිරීමට නියමිතව ඇති අතර, උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා.
නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දීමේදී වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ.
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන් මහතා පත් කිරීමටත්, උතුරේ නව ආණ්ඩුකාරවරිය ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා, හිටපු පරිපාලන නිලධාරී පී.එම්.එස්. චාල්ස් මහත්මිය පත් කිරීමටත් සුදානම් බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
මීට පෙර වාර්තා වූයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසකට ආණ්ඩුකාර ධූර ලබාදීමට පියවර ගැනෙනු ඇති බවයි.