වාහන ආනයනයට පවතින සීමා සියල්ලම විසි කෙරේ?: වෙළෙඳ ඇමති නලින්ගෙන් ඉඟියක්

MonaraMonara

පුර්ණ ලෙස සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි වෙළෙඳ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් වන අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ.