මෙවර උසස් පෙළ කවදාද?: ඇමති සුසිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

MonaraMonara

ඡායාරූපය - අධ්‍යාපන අමාත්‍යාංශය.

මේ වසරට අදාළ උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

තමා සිදුකරන ප්‍රකාශයෙන් අනතුරුව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අද පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.