වසන්ත කරන්නාගොඩට අමෙරිකාවෙන් තහනමක්: අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් තහනමක්

MonaraMonara

වසන්ත කරන්නාගොඩ - අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය තහනමක් පනවා තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පනවා ඇති බවයි.

වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට එම තහනම පනවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බ්ලින්කන් පෙන්වා දී තිබෙනවා.

යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.