Update - මාලිගාකන්දේ දී පියා ඉලක්ක කර එල්ල කළ ප්රහාරයෙන් දියණිය ජීවිතක්ෂයට (ඡායාරූප): පියා 2022 වසරේ ඝාතන සිද්ධියක සැකකරුවෙක්?
මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය අසළ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරදාන පොලිසිය පැවසුවේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය මියගිය දරුවාගේ පියා බවයි.
ඔහු ඉකුත් වසරේ කොටහේන ප්රදේශයේ සිදුවූ අපරාධ සිදුවීමක ප්රධාන සැකකරුද වන බවයි පොලිසිය පැවසුවේ.
අද පස්වරු 3.30ත් - 4.00ත් අතර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
අදාළ පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවාද ත්රිරෝද රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අධිකරණය අසලදී ත්රිරෝද රථයක ගමන් කරමින් සිටි එම පිරිසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි තැබීමෙන් ඉලක්කය බවට පත්ව තිබූ පිරිමි පුද්ගලයා සහ ඔහුගේ වයස අවුරුදු 06ක පමණ ගැහැණු දරුවා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ පසූවු කුඩා දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.