ඉගෙන ගන්නැයි කියා හෑෂ් විකුණූ සරසවි සිසුවා මාට්ටු: අවුරුදු ගණනක් විභාග ලියලත් නෑ!
පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන හෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් කරගෙන ගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සිසුවකු පේරාදෙණිය පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගන්නෝරුව ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තරුණයකු දුන් තොරතුරු මත පොලිසිය නිල සුනඛ ලූකස්ගේද සහාය ඇතිව විශ්වවිද්‍යාල සිසුවා නවාතැන් ගෙන සිටි අදාළ නිවෙස වටලා තිබෙන අතර, එහි තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් පොලීසිය සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට තමා මෙලෙස මත්ද්‍රව්‍ය අලෙවි කළ බව සිසුවා පොලිසියට වසා ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේ සිසුවා විශ්වවිද්‍යාල ටී ෂර්ටයකින් සැරසී සිට ඇති අතර, කාමරයේ තිබී විශ්වවිද්‍යාල බෑග් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.
රත්නපුර ප්‍රදේශයේ පදිංචි මේ සිසුවා සමඟ තවත් සිසුන් දෙදෙනකු අදාළ නිවෙසේ නවාතැන් ගෙන සිට ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් කාමරයේ නොසිටි බවයි පොලීසිය පවසන්නේ.
මේ සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2014 කණ්ඩායමට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර විභාගවලට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මෙතෙක් උපාධිය ගෙන නැති බවයි පැවසෙන්නේ.