දළදා මාලිගාව අසල ඩ්‍රෝන යානාවක් යැවූ චීන්නු දෙදෙනෙක් අල්ලයි.: නිසි අවසරයක් ලබා ගැනීමෙන් තොරව මහනුවර - ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

MonaraMonara

ඡායාරූපය - සිළුමිණ

නිසි අවසරයක් ලබා ගැනීමෙන් තොරව මහනුවර - ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ චීන ජාතිකයින් දෙදෙනා ඩ්‍රෝන යානය ගුවන්ගත කිරීමට උත්සහ කරන බවට ඇති වූ සැකයක් මත අදාළ චීන ජාතිකයන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැරි බවයි මහනුවර පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ ඩ්‍රෝන යානය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එහිදී සිදුකළ පරීක්ෂාවේදී අදාළ ඩ්‍රෝන යානයේ ශ්‍රී දළදා මාලිගාව හෝ ඒ ආශ්‍රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදාළ චීන ජාතිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවා.