බටලීයේ අනතුරකින් කොළඹ - නුවර මාර්ගයේ ගමනාගමනයට බාධා: කොළඹ - මහනුවර මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී උදෑසන බස් රථයක්, කැබ් රථයක්, ටිපර් රථයක් සහ ලොරි රථයක් ගැටී අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

MonaraMonara

ඡායාරූපය - indianexpress.com

කොළඹ - මහනුවර මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී උදෑසන බස් රථයක්, කැබ් රථයක්, ටිපර් රථයක් සහ ලොරි රථයක් ගැටී අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරත් සමග විදුලි කණුවක් බස් රථය මතට කඩා වැටීම හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පවතින අවහිරතාවය හේතුවෙන් බටලීය, ගල්අමුණ, කල්එළිය, පස්යාල හරහා වාහන ගමන් කිරීමට පහසුකම් සැලසීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.