ටිකිරි කොබ්බෑකඩුව සබරගමුව ආණ්ඩුකාර පුටුවට සමුදෙයි: සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබෙනවා.

MonaraMonara

ඡායාරූපය - Tikiri Kobbekaduwa YouTube.

Colombo (Monara) June 08 – සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබෙනවා.

2023 ජුනි 10 වනදා සිට එම ධුර‌යෙන් ඉල්ලා අස්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් දක්වා ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබුණේ 2019 සැප්තැම්බර් 18 වනදායි.