තුන්සක රිය කොල්ල කෑ 06 ක් අල්ලයි: බේරුවල ප්‍රදේශයේදී තියුණු ආයුධ පෙන්වා ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

MonaraMonara

ඡායාරූපය - adaderana.lk

බේරුවල ප්‍රදේශයේදී තියුණු ආයුධ පෙන්වා ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා මෙම කොල්ලකෑම සිදුකර තිබූ අතර, එහිදී සැකකරුවන් ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත්, පොලිසියට ලද පැමිණිල්ල මත කොල්ලකන ලද ත්‍රිරෝද රථය සහ අපරාධය සඳහා යොදාගත් තියුණු ආයුධ සමඟ සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

දොඩංගොඩ පදිංචි අවුරුදු 24 ත්, 29 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.