හෙට පෙරවරුවේ මහනුවර නගරය තුළ වාහන ධාවනය විය යුත්තේ මෙහෙමයි: හෙට පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

MonaraMonara

මහනුවර නගරයේ රථවාහන සැලැස්ම

හෙට පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන අක්තපත්‍ර පාදානය කිරීමක් හේතුවෙන්.

ඒ අනුව

ඩී.එස්. සේනානායක වීදිය,

නගරසභා හංදියේ සිට ක්වීන්ස් හෝටලය දක්වා,

දළදා වීදිය.

ක්වීන්ස් හෝටල් හංදියේ සිට දළදා වීදිය කොටුගොඩැල්ලවීදිය හංදිය දක්වා

කොටුගොඩලැල් වීදිය දළදාවීදිය හංදියේ සිට කොටුගොඩල් වීදිය රජවීදිය හංදිය දක්වා

රජවීදිය කොටුගොඩැල්ල වීදිය හංදියේ සිට ජනාධිපති මන්දරය දක්වා වූ

මාර්ගවල දෙපස උදෑසන 5.00 සිට දහවල් 12.00 දක්වා රථවාහන නතරකර තැබීමට අවසර ලබා නොදෙන අතර මාර්ගවල රථවාහන ධාවනය කිරීමට හැකියාව ඇත.

එමෙන්ම උදෑසන 9.30 සිට 11.00 දක්වා කාලය තුළ තානාපතිවරුන් රැගත් රිය පෙරහරවල් ගමන් ගන්නා අවස්ථාවේදී මෙම මාර්ගවල රථවාහන ගමනාගමනය වරින්වර නැවැත්වීමට කටයුතු කරනු ලැබේ.

මෙම කාලය තුළ මහනුවර නගරයේ සිට කටුගස්තොට දෙසට ගමන් කරනු ලබන රථවාහන සහ කටුගස්තොට දෙස සිට මහනුවර දෙසට ගමන් කරනු ලබන රථවාහන තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කරවීමට සැලසුම් කර ඇත.