දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරේ පුරප්පාඩුව මාස දෙකයි: රේගු - දේශීය ආදායම් - සුරාබදු වෘත්තිය සමිති අවදානම ගැන කියයි

MonaraMonara

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර පසුගිය අගෝස්තු මස 27 වැනිදා සිට පුරප්පාඩු වී තිබීම රාජ්‍ය බදු ආදායම නිසි පරිදි අයකර ගැනීමට බාධාවක් වී ඇති බව රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයෙකු පත්නොකිරීම දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගු සහ සුරාබදු යන දෙපාර්තමේන්තු තුනම බිඳ වැට්ටවීමේ උත්සාහයක් බවයි.

රට ආර්ථික වශයෙන් බිඳ වැටී දැඩි අර්බුදකාරී තත්වයක් පැවතුණද මෙම දෙපාර්තමේන්තු තුන ඉලක්කගත ආදායම් උපයා ඇති බවයි අදාළ නිවේදනය මගින් රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තිය සමිති එකමුතුව පවසන්නේ.

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බලධාරීන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති අදාළ දෙපාර්තමේන්තු තුනම මීට පෙර ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවූ බවද ඔවුන් වැඩිදුරටත් එමඟින් පෙන්වා දී තිබෙනවා.