කෝප් කමිටුවෙන් කොළඹ සරසවිය හොඳක් අහ ගනී: පුරප්පාඩු පිරවීම ගැනත් අවධානය

MonaraMonara

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල දේශීය විශ්ව විද්‍යාල අතුරින් ඉහළම ස්ථානය හිමි කරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයට එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සිය සුභාශිංසන පළ කරනු ලැබුවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති කෝප් කමිටුව හමුවට කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය කැඳවා තිබූ අවස්ථාවේදීයි.

මෙහිදී 2020 සහ 2021 වර්ෂය සඳහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදුවූ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා‌වේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ආචාර්යවරු සහ තවත් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

විශ්ව විද්‍යාලයේ පාලක සභා සංයුතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පාලක සභාවේ සමාජිකයින් දෙදෙනෙකු පත් නොකිරීම පිළිබඳ කෝප් කමිටුව විමසා සිටි අතර සති දෙකක් ඇතුළත මෙම සාමාජිකයින් දෙදෙනා පත් කිරීමට කටයුතු කරන බවයි එහිදී විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියා සිටියේ.

විශ්ව විද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලවල ඇති පුරප්පාඩු සම්බන්ධයෙන් මෙහිදී කෝප් කමිටුව විමසා සිටි අතර, පසුගිය කාලසීමාව තුළ රජයේ තීරණයක් මත බඳවාගැනීම් නවතා තිබුණු බවත්, මේ වනවිට එම පත්කිරීම් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවත් පැමිණි නිලධාරීන් මෙහිදී සඳහන් කළා.

ඡායාරූපය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.ඡායාරූපය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

කෝප් කමිටු රැස්වීම අතරතුර. ඡායාරූපය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.