ඇල්පිටිය කැළඹෙයි!: PHI සංගමයේ භාණ්ඩාගාරික ගෙදරටම ඇවිත් ඝාතනය කරයි

MonaraMonara

ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේ නිවසක සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද (26) උදෑසන 07ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර විතානගේ නැමැති 51 හැවිරිදි අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

මෘත ශරීරිය සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති අතර, පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.

පළාගිය සැකකරුවන් සොයා ඇල්පිටිය පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.