ඇතුලේ ගුටිබැට අවුලට ඇරඹූ දුම්රිය වර්ජනය අදත්: දුම්රිය ගමන් අදත් කොට උඩ

MonaraMonara

ඡායාරූපය - Isuru L Bandara

පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් උප නියාමක දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් අදත් උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී ඇති අතර, ඇතැම් දුම්රිය ප්‍රමාද වී ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මාලිගාවත්ත දුම්රිය අංගනයට පිවිසෙන දොරටුව ආසන්නයේදී උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියෙකු පහරදීමත් සමඟ උප නියාමකවරුන් ඊයේ දිනයේ සිට ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ අනුව ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 78 ක් පමණ අවලංගු කෙරුණු අතර තවත් දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කෙරුණා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේම පහරදීම සිදුකළ ආරක්ෂක නිලධාරියාගේ වැඩතහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

එහෙත් අදාළ පහරදීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි දුම්රිය උප නියාමකවරුන් චෝදනා කරන්නේ.

ඡායාරූපය - Lakshan Tharukaඡායාරූපය - Lakshan Tharuka

ඡායාරූපය - Lakshan Tharuka