මහේස්ත්‍රාත්ට බැණ අපහාස කළ තිදෙනා රිමාන්ඩ්: මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක්.

MonaraMonara

මහේස්ත්‍රාත්ට බැණ අපහාස කළ තිදෙනා රිමාන්ඩ්

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට බැණ වදිමින් කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙකු මැයි 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක්.

මොවුන් එම සිදුවීම වීඩියෝ කරමින් මහේස්ත්‍රාත්වරයා අපහසුතාවට පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිය බිරිඳ සහ දරුවන් සමඟ රාගම ප්‍ර‌‌‌දේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේදී මෙම පිරිස මෙලෙස කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් රාගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ බවයි පොලිසිය සදහන් කළේ.