ගංජා සහ මත් කරල් සමග ගුරු හාමුදුරුවෝ පොලිස් දැලේ පැටලේ: ගෑස් සිලින්ඩර් දෙකකුත් ළඟ තිබිලා

MonaraMonara

උප්පුවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 07 වැනිදා කරන ලද වැටලීමක දී ගංජා සහ මත් කරල් සන්තව තබා ගත් පාසල් ගුරුවරයෙක් මෙන් ම විහාරාධිපතිවරයෙක් ලෙස ද කටයුතු කරන චීවරධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආනදම්කුලම සෝමරතන නම් මෙම චීවරධාරියා 04 කණුව ප්‍රදේශයේ විහාරයක විහාරාධිපති ධූරය දරන අයෙක් බ්වයි වාර්තා වන්නේ.

උප්පුවේලි පොලිසියට ලද පැමිණිල්ලක් අනුව කළ වැලීමක දී මත් කරල් 17ක්, ගංජා මිලි ග්‍රෑම් 80ක්, උකස් ලෙස ගන්නා ලද ජංගම දුරකථන 04ක්, රූපවාහිනී යන්ත්‍රයක්, ගෑස් සිලින්ඩර් 02ක්, වෙනත් පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයක් සහ අන්‍ය ජාතික හැඳුනුම්පත් හතරක් සන්තකයේ තබාගෙන සිටිය දීයි මෙම චීවර ධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ චීවරධාරියා සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.