ශ්‍රී ලංකාවේ ගමන හෙමින්: අයි.එම්.එෆ් දෙවැනි වාරිකය මේ මාසේ ලැබෙන්නේ නෑ!

MonaraMonara

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහන පැකේජයට අදාළව සැප්තැම්බර් මාසයේ දී ලබා දීමට නියමිත වූ දෙවැනි වාරිකය මෙම මාසයේ දී නොලැබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්යය නිෂාන් ද මැල් මහතා පවසනවා.

රූපවාහිනී සංවාදයකට එක් වෙමින් ඔහු සඳහන් කරන්නේ එම වාරිකය ලැබීම ඔක්තෝබර් මාසයේ අග දක්වා ප්‍රමාද වීමට හැකි බවයි.

"සැප්තැම්බර් මාසයේ අග වෙනකොට දෙනවා නම් ඇගයීම මාස දෙකකට විතර කළින් කරන්න තිබුණා. මන් හිතන්නෙ අයි.එම්.එෆ් එක ඒ ඇගයීම ටිකක් කල් දාලා තියෙන්නෙ, ලංකාව යන ගමන ටිකක් ස්ලෝ නිසා. වෙරිටේ රිසර්ච් එකෙන් කරන අයි.එම්.එෆ් ට්‍රැකර් එකෙන් ඒක බලා ගන්න පුළුවන්. ගමන ශීඝ්‍රගාමී නෑ. ජුනි මාසෙ අග වෙනකොට කරලා තියෙන්නෙ මොකක් ද කියලා අයි.එම්.එෆ් එක බලයි." යනුවෙන් පැවසූ ආචාර්යයවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති බොහෝ කොන්දේසි සපුරා ඇති බවයි.