උඩවලව වේල්ල හරහා මාර්ගය තාවකාලිකව වැසේ: ඇඹිලිපිටිය මාර්ගය භාවිත කරන්න

MonaraMonara

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ඇති.

ලබන 23 වැනිදා සිට ලබන වසරේ ජනවාරි මස 06 වැනිදා දක්වා උඩවලව වේල්ල හරහා මාර්ගයේ එක් මංතීරුවක් පමණ විවෘත කිරීමට නියමිතයි.

ජනවාරි මස 07 වැනිදා සිට 14 වැනිදා දක්වා යළි එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිතයි.

ජනවාරි මස 15 වැනිදා සිට යළි සුපුරුදු පරිදි මාර්ගය විවෘත වන බවයි උඩවලව ජලාශය කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සදහන් කළේ.

එතෙක් ඇඹිලිපිටිය නගරය හරහා මාර්ගය භාවිත කරන ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.