වෙඩි උණ්ඩ එල්ල වූ හේතුව උද්දිකගේම කටින් පනී: පවතින ක්‍රමය වැරදී -නිවැරදි කර ගන්න හැමෝම වැඩ කරන්න ඕනේ
පවතින වත්මන් දේශපාලන ක්‍රමය සේම සමාජ ක්‍රමය ද වැරදියි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.
පවතින වැරදි ක්‍රමය හේතුවෙන්ම පසුගිය 17 වැනිදා වෙඩි ප්‍රහාරය එල්ල වූ බවට තමන් විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මේ බව කියා සිටියේ.
"17 වෙනිදා රාත්‍රියේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ වෙද්දි පොලිසිය සහ අපරාධ විමර්ශන අංශය ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. ඒ අවස්ථාවේ මං ගැන හොයලා බලපු මට කතා කරපු සියලුදෙනාටම බොහොමත්ම ස්තූතියි. මේ සිද්ධිය කළේ කවුද මොන පුද්ගලයොද කියන දේට වඩා මට හිතෙන්නේ මගේ අදහස විදිහට මේ පවතින ක්‍රමය විසින් වෙන්න ඕනේ මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ. මුළු පාර්ලිමේන්තුවම විශ්වාස කරනවා, අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ ජනතාවත් දන්නවා මේ පවතින ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ සමාජ ක්‍රමයත් වැරදියි, අපි කරගෙන යන දේශපාලන ක්‍රමයත් වැරදියි. ඒ වැරැද්ද නිසා තමා මුළු රටම අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. දෙපැත්තේම ඒ වැරැද්ද තියෙනවා. අපි මේක වෙනස් කරගන්න, මේකේ නිවැරදි කර ගන්න.. මේකේ නිවැරදි තැන අපි හොයා ගන්න ඕනේ. මේකේ අපි වෙනස් වෙන්න ඕනේ කොතැනද කියන එක අපි හරියටම හොයා ගන්න ඕනේ. ඒක හොයාගෙන ඒ වෙනුවෙන් අපි දෙපාර්ශ්වයම වැඩ කරන්න ඕනේ.. රටේ ජනතාවත් වැඩකරන්න ඕනේ, දේශපාලන නායකයොත් වැඩකරන්න ඕනේ. ඒ වෙනස මේ රටට ගේනකල් මම හිතන්නේ නෑ අපේ රට, අපේ රට වටාම තියෙන ඔය දියුණු තත්ත්වයට, දියුණු තත්ත්වයේ මිනිස්සු ඉන්න රටකට අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ දේශපාලන පරිවර්ථනය මේ රට ඉල්ලනවා.. සමාජ පරිවර්ථනය මේ රට ඉල්ලනවා. අපි හැමවෙලේම ප්‍රකාශ කරන්නෙත් ඒ වෙනස ඒ System එක මේ රටට Apply කරන්න. ඒ නිසානම් අපිට තර්ජන එල්ල වෙන්නේ, මම කියන්නේ අපි හැමෝම හොයලා බලන්න ඕනේ මේ වෙනස ඇති කරන්නේ කොහොමද කියලා. මේ වෙනස හොයාගෙන අපි දෙගොල්ලෝම මේ වෙනස වෙනුවෙන් වැඩකරමු. අපි තරුණයෝ සහ අලුත් මන්ත්‍රීවරු විදියට ඒ වෙනස වෙනුවෙන්ම වැඩ කරන එක ඉදිරියටත් කරනවා."