යල කන්නයේ වී මිලදී ගැනීම නවතී: ගබඩාවලට වී නොලැ‌බෙන බවට මැසිවිල්ලක්

MonaraMonara

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුවද එකදු ගබඩාවකට හෝ වී නොලැබෙන බවයි.

ඒ අනුව එම ගබඩාද වසා දැමීමට පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.