ආනයනික තිරිඟු පිටි මිල වැඩි වෙයි: ආනයනය තිරිඟු පිටි මිල රුපියල් 40 කින් පමණ සමාගම් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

MonaraMonara

ඡායාරූපය - timesofindia.com

Colombo (Monara) June 17 – ආනයනය තිරිඟු පිටි මිල රුපියල් 40 කින් පමණ සමාගම් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මීට පෙර රුපියල් 160 ක්ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල අද වනවිට රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ආනයනික තිරිඟු පිටි තොග මිල මෙලෙස ඉහළ යෑමට හේතු වී ඇත්තේ රුපියල් 40 ක බද්දක් යටතේ ඕනෑම අයෙකුට තිරිඟු පිටි ගෙන්වීමට තිබූ අවස්ථාව අහෝසි කර අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවට මුදල් අමාත්‍යංශය නිකුත් කළ නියෝගය බවයි වාර්තා වන්නේ.