අද මීගමුවේ මාළු මිල අඩු වෙයි: තොග මිල ගණන් මෙන්න

MonaraMonara

මීගමුව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඇතැම් මත්ස්‍ය වර්ගවල මිල ගණන්වල අඩුවීමක් අද දිනයේදී දක්නට ලැබුණා.

ඒ අනුව හුරුල්ලා කිලෝග්‍රෑමයක් අද රුපියල් 330 කට අලෙවි වූ අතර, ඊයේ දිනයේදී එම මත්ස්‍යයින් අලෙවි වූයේ රුපියල් 350 කටයි.

බෝල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 320 කට අද දිනයේදී අලෙවි කෙරෙන අතර, ඊයේ රුපියල් 400 කට අලෙවි කෙරුණා.

එසේම, ඊයේ රුපියල් 420 කට අලෙවි වූ ලින්නා කිලෝවක් අද දිනයේදී අලෙවි වූයේ රුපියල් 430 කටයි.

මේ, අද දිනයේදී මීගමුව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල ගණන්.

  1. හුරුල්ලා 330

  2. ලින්නා 430

  3. බෝල්ලා 320

  4. සාලයා 200

  5. බලයා 630

  6. පරව් 1200

  7. ලේනා 700

  8. අංජිලා 1700

  9. කෙන්දා 1050

  10. කුම්බලා 520

  11. හබරලි 620

  12. ඉස්සා 1320

  13. සුද්දා 600

  14. මුහුදු කකුළුවෝ 880

  15. ලෝමැස්සා 580