බස් රථයක මිල ලක්ෂ 20කින් වැඩිවෙයි: බස් ගාස්තුවට වෙන්න යන දේ?

MonaraMonara

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ බහුලව භාවිත වන ඉන්දියානු බස්රථවල මිල ලක්ෂ 20කින් පමණ වැඩිවීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ ජනවාරි මාසයේ සිට වැඩිවීමට නියමිත භාණ්ඩ හා සේවා බද්ද හේතුවෙනුයි.

ඒ අනුව එක් කොටි තිස් හත් ලක්ෂයක පමණ වටිනාකමකින් යුතු බස් රථයක මිල එක්කෝටි පනස් හත් ලක්ෂය දක්වා වැඩි වීමට නියමිත බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් බස්රථවල නඩත්තු ගාස්තු හා අමතර කොටස්වල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් බස් ගාස්තුව ද ඊට සාපේක්ෂව ඉහළ දැමීමට සිදුවන බවටයි වාර්තා වන්නේ.