අනුර ජනපති වන ආණ්ඩුවේ, අගමැති ධුරය කාන්තාවකට: විජිත හේරත් කියයි

MonaraMonara

ජාතික ජබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය ජය ගෙන ජනාධිපතිවරයා බවට පත් වූ පසු අග්‍රාමාත්‍යවරයා ලෙස කාන්තාවක් පත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රටේ බහුතරයක් කාන්තාවන් වන බැවින් අග්‍රාමාත්‍ය ධුරය කාන්තාවක් වෙත ලබා දීම තම පක්ෂයේ අරමුණ බවයි.

මේ අතර වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹ ඇති බැවින්, තම ආණ්ඩුවකට වුව ද එම වැඩපිළිවෙලේ රැඳී සිටීමට සිදු වන බව පැවසු විජිත හේරත් මන්ත්‍රීවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමාලෝචනයකට යොමු වී එම කොන්දේසි ලිහිල් කර ගැනීමට සහ මෙරට ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් සංශෝධනය කර ගැනීමට තම රජය කටයුතු කරන බවයි.

තව ද ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කළේ, සිය වැඩපිළිවෙලට ද්‍රෝහී වන කිසිදු පාර්ශවයක් සමග සන්ධානගත නොවන බවයි.