ලංකාවේ දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 57යි: ලෝක බැංකුව සිදු කළ නවතම හෙළිදරව්ව

MonaraMonara

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ, ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක් උපුටා දක්වමින්.

ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යන කරුණු ඊට හේතු වී ඇති බව සඳහන්.

ලෝක බැංකුවේ දෛනික වියදම් රේඛාව ඩොලර් 3.65ක් වනවා.

එම සීමාව සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකක් ඉහළ ගොස් තිබෙනවා.

එය ලබන වසරේ දී ලක්ෂ තුනක් වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බවයි එම බැංකුව පුරෝකථනය කර ඇත්‌තේ.