අලුතින්ම හැදූ ජනපති මන්දිරය බදු දෙයි: අක්කර 29 ක භූමියේ, අක්කර 12 ක ගොඩනැගිලි
යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්රය ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීයි මෙම තීරණයට එළැඹ ඇත්තේ.
කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර ඉන් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණය පිහිටා තිබෙනවා.
මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 95 කට ආසන්න මුදලක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉතිරි ප්රමාණය ප්රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12 ක ප්රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කර තිබෙනවා.
ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාළ බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්රය ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතයි.