ඇමති කිව්වේ බොරු: Immunoglobulin ඖෂධ කුප්පි 6900ක් තවමත් ඖෂධ ගබඩාවල
ව්‍යාජ ලිපියක් හරහා ගෙන්වන ලදැයි සැක කෙරෙන Immunoglobulin නැමැති ප්‍රතිදේහ ඖෂධයේ තවත් කුප්පි 6900කට අධික ප්‍රමාණයක් තොග ගබඩා තුළ පවතින බව වෛද්‍යවරුන්ගේ වෘත්තී සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා.
ඒ ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පවසන ලද ආකාරයට ගෙන්වන ලද්දේ කුප්පි 3500ක් බවත්, ඒ සියල්ල ම භාවිත කළ බවට වූ ප්‍රකාශය අසත්‍යත් කරමින්.
කෙසේ නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍ය බවට තහවුරු කිරීමේ දී වෛද්‍ය චමල් සංජීව භාවිත කර තිබුණේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්වස්තා දත්ත පද්ධතියට අනුව වීම විශේෂත්වයක්.
මෙම ඖෂධයට මෙරටට ගෙවීම සම්බන්ධයෙන් තමන් වගනොකියන බවත් ඖෂධ අධිකාරිය ප්‍රකාශ කරන අතර මෙම ඖෂධය ගෙන්වා ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ ඊට අදාල නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවිම පිලිබඳව ජනාධිපතිවයා වහාම සොයා බැලිය යුතු බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටිනවා.
මීට පෙර අවස්ථා ගණනාවක දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලියට, මෙම ලේකම්වරයා ප්රමුඛ නිලධාරීන් සම්බන්ධ බවට සාක්ෂි සහිතව සනාථ වී තිබියදීත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් යැයි ද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මෙරටට ගෙන් වූ Immunoglobulin නැමැති ප්‍රතිදේහ ඖෂධය සම්බන්ධයෙන් සියලු ම විස්තර මේ වන විට රහස් පොලිසියට බාර දී ඇති නමුත් රහස් පොලිස් පරික්ෂණ තවමත් ආරම්භ කර නොමැති බව ද පසුගිය දා මොනරා වාර්තා කළා.