මහාවංශය යුනෙස්කෝ ලෝක උරුම ලේඛන අතරට: යුනෙස්කෝ සංවිධානය "මහාවංශය" ලෝක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

MonaraMonara

ඡායාරූපය www.wijeya.lk

Colombo (Monara) June 27 – යුනෙස්කෝ සංවිධානය "මහාවංශය" ලෝක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද ඓතිහාසික කෘතියක්.

එය ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි රචනා කර තිබෙනවා.

ඒ අනුව යුනෙස්කෝ සංවිධානය 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක ජාත්‍යන්තර ලේඛන උරුම 64 ට මහාවංශයද ඇතුළත් කර ඇත.

"ලෝකයේ දිගම නොකැඩූ ඓතිහාසික වාර්තාවලින් එකක් වන මහාවංශය, පරිණත ඉතිහාස සම්ප්‍රදායක් ආරම්භ කරමින්, ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමික අනුපිළිවෙලකට ඉදිරිපත් කරන, දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමු වැන්න" බව යුනෙස්කෝව පවසනවා.

රටවල් කිහිපයක මහාවංශයේ අත්පිටපත් ගණනාවක් පැවතීම මෙන්ම අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කිහිපයකට පරිවර්තනය කිරීම එහි අතිවිශාල ඓතිහාසික, සංස්කෘතික, වචනාර්ථ, භාෂාමය සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරනවා.