ශ්‍රී ලංකාවේ වැඩ පිළිවෙලේ ප්‍රතිථල සතුටුදායක බව IMF කියයි: ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337ක මූළ්‍ය පහසුකමක්

MonaraMonara

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පවසනවා.

අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස මෙහිදි සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණ ඇති අතර. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක පමණ මුල්‍ය පහසුකමක් හිමිවෙනු ඇත.