අවසන් ගමනට නිවසින් නික්මුණ අසහාය රංගධරයා: දේවස්ථානය දෙපස ද මහජනතාවගෙන් පිරී යයි
අභාවප්රාප්ත අසහාය රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය බෞද්ධ ආගමික වතාවත්වලින් අනතුරුව, දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන, රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානය වෙත රැගෙන යනු ලැබුවා.
ඒ දේහය තැන්පත් කර තිබූ ජැක්සන් ඇන්තනී මහතාගේ කඩවත රාගම පාරේ පිහිටි නිවසේ සිටයි.
දේහය රැගත් රිය පෙරහර මේ වනවිට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානය තුළට රැගෙන එමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
ජැක්සන් ඇන්තනී මහතාට සිය අවසන් ගෞරව දැක්වීම සඳහා එ් මහතාගේ නිවසේ සිට දේවස්ථානයට එන මාර්ගය දෙපස මෙන්ම දේවස්ථානය තුළද බොහෝ පිරිසක් රැඳි සිටිනවා.