කළුතර පාසල් සිසුවියගේ මරණයට ඇල්ලූ සිව් දෙනා යළි රිමාන්ඩ්: කළුතර ලැගුම්හලකින් ඇද වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනා ලබන මස 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

MonaraMonara

ඡායාරූපය - දිනමිණ.

කළුතර ලැගුම්හලකදී අභිරහස් ලෙස ඉන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනා ලබන මස 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇයගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරායි මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අදාළ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරීමටයි පසුගියදා නියෝග කෙරුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කෙරුණු අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවයි.

පසුගිය 06 වැනිදා කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී මෙම පාසල් සිසුවිය ජීවිතක්ෂයට පත්ව තිබුණා.