දුම්රිය වෙනස් කෙරෙන කමිටුවේ අවසන් වාර්තාව ලබන මාසයේ: අතුරු වාර්තාවක් කඩිනමින් කැබිනෙට්ටුවට

MonaraMonara

ඡායාරූපය - Sasindu Gunasekara

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිර්දේශ ලබාදීම සඳහා පත්කළ කමිටුව අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

එහි සභාපති වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අතුරු වාර්තාවක් ලබන මාසයේ මුල් සතියේදී අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභය පියවා කාර්යක්ෂම සේවයක් සැලසීම සඳහා වන යෝජනා කමිටුව මගින් සලකා බැලෙනු ඇති.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක්ද මෙම කමිටුවට ඇතුළත්.

යෝජනා සකස් කිරීමේදී ඔවුන්ගේ අදහස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවයි ලේකම්වරයා කියා සිටියේ.

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනා ඇතුළත් අවසන් වාර්තාව ලබන මාසය අවසන් වනවිට අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.