නගර සභාවේ මග හදිසියේ වසා දැමුනේ අනුරට වැට බඳින්න ද? (වීඩියෝ): monara.com කළ සොයා බැලීමක දී හෙළි වූයේ, එලෙස ගසක් කැපීම වෙනුවෙන් මාර්ගය වසා දැමීම කුරුණෑගල නාගරික කොමසාරිස් ආලෝක බණ්ඩාරගේ අනුදැනුම මත සිදුව ඇත්තක් බවයි.
ජාතික ජන බලවේගයේ නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ රැස්වීමක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති මොහොතක, කුරුණෑගල නගර සභාවට පිවිසෙන මාර්ගය වසා දමා ඇති බවට වාර්තාවනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය විසින් ජාතික ජන බලවේගයේ මැදිහත් වීම මත සංවිධානය කර ඇති මෙම සමුළුවට කුරුණෑගල නගර සභා ශාලාව මුදල් ගෙවා දින කිහිපයකට පෙර වෙන් කරවා ඇති බවයි.
කිසිදු ලෙසකින් අනතුරක සේයාවක් හෝ දිස් නොවන ගසක් කැපීමට අවශ්‍ය බවට කියමින් මේ වනවිට (21) කුරුණෑගල නගර සභාවට පිවිසෙන කච්චේරිය මාර්ගය වසා දමා තිබෙනවා.
monara.com කළ සොයා බැලීමක දී හෙළි වූයේ, එලෙස ගසක් කැපීම වෙනුවෙන් මාර්ගය වසා දැමීම කුරුණෑගල නාගරික කොමසාරිස් ආලෝක බණ්ඩාරගේ අනුදැනුම මත සිදුව ඇත්තක් බවයි.
එහෙත් මෙලෙස දේශපාලන රැස්වීමක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති මොහොතක, හදිසියේ ම ගසක මුවාවෙන් පාර වසා දමා තිබීම සමුළු පාක්ෂිකයින් විසින් චෝදනා කර සිටින්නේ, එය හුදු දේශපාලනික කුමන්ත්‍රණයක් බවයි.
ජාතික ජන බලවේගයේ ගමන අඩාල කිරීමට නාගරික කොමසාරිස් දැනුවත් ව යම් දේශපාලනික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවටයි සමුළු පාක්ෂිකයින් චෝදනා කරන්නේ.
ජාතික ජන බලවේගය මුදල් ගෙවා නගර සභා ශාලාව වෙන් කරගෙන ඇත්තේ අද ඊයේ නොවන බවත්, ඉහත කී ගස දැඩි අවදානමක් සහිත එකක් නම්, මීට පෙර එය ඉවත් කිරීමට ක්‍රියාත්මක නොවුනේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.
මේ හේතුවෙන් මේ වනවිට කුරුණෑගල කච්චේරිය මාර්ග පිවිසුම සම්පූර්ණයෙන් ම වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල නගර සභා පාලනාධිකාරියෙන් විමසූ විට දී කියා ඇත්තේ අද දින සමුළුවක් පැවැත්වෙන බවට තමන් කිසිවක් නොදන්නා බවයි.
එහෙත් එහි ඇති හොඳම විහිළුව වන්නේ, ජාතික ජන බලවේගය දුන් මුදල් ලබාගෙන නගර සභා ශාලාව වෙන් කරවා දී ඇත්තේ ද කුරුණෑගල නගර සභා පාලනාධිකාරිය විසින් බවයි.
රටේ දූෂිත දේශපාලනයට එරෙහිව කුරුණෑගල බොහෝ පිරිස මාලිමාව සමග අත්වැල් බැඳගෙන ඇති බවත්, එය දිරවා ගැනීමට අපහසු දේශපාලනික කණ්ඩායම් විසින් මෙවැනි බාල මට්ටමේ උත්සාහයන් දරන බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටිනවා.