කාලගුණ දෙපාර්තමේන්තුව මුං ඇට වවන්නේ කිව්වේ නෑ - අපි දෙන්නේ අනාවැකියක් විතරයි: වගාව ගැන උපදෙස් දෙන්න ඕනේ අමාත්‍යාංශය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලෙස තමන් ජනතාවට ඉදිරිපත් කරන්නේ කාලගුණය පිළිබඳ අනාවැකි බවත් එම අනාවැකි පාදක කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට උපදෙස් දිය යුතු බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
වියළි කාලගුණයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පැවසූ ආකාරයට තමන් මුං ඇට වැනි බෝග වගා කළ බවට පසුගිය දිනවල මාධ්‍ය හරහා ගොවීන් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
“අපි දෙන කාලගුණ අනාවැකිය බද්ද කර ගෙන තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් ඒ ගොවි මහත්වරුන්ට උපදෙස් ලබා දෙන්නේ. කෙසේ නමුත් අපි මීට පෙරත් දිවයිනේ නිරිත දිග කොටසේ වර්ෂාපතනය පවතින බව පැහැදිලිව කියලා තියෙනවා.. හැබැයි දිවයිනේ අනෙකුත් පළාත්වල වර්ෂාපතනයේ අඩුවීමක් තියෙන බව අපි පැහැදිලිව ප්‍රකාශයක් කරලා තියෙනවා.. කෙසේ නමුත් 7 වැනිදා වෙනකොට විශේෂයෙන්ම මේ උදේ කාලයේ ඇති වෙන වර්ෂාපතනය ක්‍රමයෙන් අඩුවීමක් තියෙනවා.. හැබැයි ක්‍රමක් ක්‍රමයෙන් ඊට පස්සේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ සලකුණු තමයි තියෙන්නේ..”