සංචාරක ප්‍රවර්ධනයට එන ‘The Colors of Jaffna’: සංචාරක කර්මාන්තයට උතුරෙන් තල්ලුවක්

MonaraMonara

යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල

MonaraMonara

කීරිමලේ

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ‘The Colors of Jaffna’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාතට ආවේණික වූ සංස්කෘතික හා සමාජයීය සුවිශේෂීත්වයන් ලොවට පෙන්වා දෙමින් එම ලක්ෂණ සියැසින් දැකබලාගැනීමට පැමිණෙන ලෙසට සංචාරකයන්ට ආරාධනා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

එමෙන්ම උතුරු පළාතට ආවේණික සූපශාස්ත්‍ර හා ගෘහ නිර්මාණ ලක්ෂණද සංචාරකයින්ට අත්විඳීමට අවස්ථාව ලබාදීම මෙමගින් අපේක්ෂිතයි.

යාපනය නගරයේ පැවැත්වෙන සංස්කෘතික ජාතික උත්සවයක් වන ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවය මේ වනවිට ආරම්භ වී ඇති අතර, එය මූලික කරගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

MonaraMonara

Nilavarai bottomless well

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස, යාපනය ප්‍රදේශයට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ විදහා පෙන්වන වීඩියෝවක් එළිදක්වන ලදී.

එමෙන්ම යාපනයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන පිළිබඳව දැනුම හා අවබෝධය පුළුල් කිරීම සඳහා තවත් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර අවසන්.

මෙම ප්‍රධාන ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සංචාරක සේවා අංශය වන SriLankan Holidays විසින් Jetwing Hotels සමඟ එක්ව යාපනය ප්‍රදේශයේ සුවිශේෂී බව වඩාත් පහසුවෙන් අත්විඳීමට හැකි වන ආකාරයේ හෝටල් පැකේජ් කිහිපයක්ද හඳුන්වාදී තිබෙනවා.

මේ සඳහා නිර්මාණකරුවන් සහ සමාජ මාධ්‍ය තරු රැසක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ එක්වනු ඇති.

ශ්‍රීලංකන් ගුවන් ගමන් වැඩි වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන ඉන්දියාව ඇතුළුව, ශ්‍රීලංකන් ජාලයට අයත් සියලුම රටවල් තුළ ‘The Colours of Jaffna’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය තවත් ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවාඇතිඅතර ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන්ට විවිධත්වයෙන් අනූන, කිසිදා අමතක නොවන අත්දැකීම් පෙළක් හිමිකර ගැනීමට මෙමගින්අවස්ථාවඋදාවනුඇති.

MonaraMonara

jaffna fort