සුද්දාගේ කාලේ පාන් ආඥා පනත අවලංගුයි: පාන් විකිණීම නියාමනය කිරීමට විධිවිධාන ඇතුළත් කරමින් සකස් කර තිබූ 1864 අංක 13 දරන පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

MonaraMonara

Colombo (Monara) June 13 – පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් සකස් කර තිබූ 1864 අංක 13 දරන පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

එය ඉදිරිපත් කර තිබුණේ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතායී.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වන බැවින් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමැති බවයි අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.