ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා බැඳීම තරවෙයි: වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව තවත් වසර 5ක්
ඔස්ට්‍රේලියාව යනු ශ්‍රී ලංකාවේ සෘජු වීදේශ ආයෝජකයෙක්.
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම සහිතව 2017 නොවැම්බර් දෙවැනිදා වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට අත්සන් තැබුණා.
එම ගිවිසුමේ සඳහන් පරිදි වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි පරිදි 2023-10-10 සිට ඉදිරි පස් වසර සඳහා එකී ගිවිසුම දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.