විගණකාධිපතිගේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වයි: විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වැඩසටහනත් නියෝජ්‍ය කතානායක අතට
2022 වර්ෂයේ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව සහ ජාතික විගණන කාර්යාලයේ 2024 වර්ෂය සඳහා වූ වාර්ෂික කාර්ය වැඩසටහන විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබෙනවා.
ඊයේ (31) පස්වරුවේ දී නියෝජ්‍ය කතානායක කාර්යාලයේ දී එම කටයුත්ත සිදු වුණා.
එම පිළිගැන්වූ වාර්තාවේ, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්, විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම් ඇතුළු ආයතන 2200කට වැඩි සංඛ්‍යාවක් 2022 වර්ෂය තුළ විගණනය කර ඒවායේ විගණන වාර්තා ඇතුලත්.
ඊට අමතරව එම කාර්යයන්වලට අදාළව සිදුකරන ලද කටයුතු මෙම වාර්ෂික වාර්තාවට ඇතුළත් වනවා.
මීට අමතරව විශේෂ විගණන වාර්තා කිහිපයක් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට 2022 වර්ෂය තුළ විගණකාධිපතිවරයා විසින් කටයුතු කර තිබෙන අතර ඒවායෙහි අදාළ ආයතනවල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වැඩි කිරීමට ගතයුතු ක්‍රියාමාර්ගවලට අදාළ නිගමන මෙම වාර්තාවට ඇතුළත්කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව අනුවයි විගණකාධිපතිවරයා විසින් මෙම වාර්ෂික වාර්තාව නියෝජ්‍ය කථානායකවරයාට ඉදිරිපත් කර ඇත්තේ.
ඊට අමතරව 2024 වර්ෂය සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ කෙටුම්පත් වාර්ෂික වාර්තාව ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට මෙහි දී බාර දීමට කටයුතු කෙරුණා.
විගණකාධිපතිවරයාගේ 2022 වර්ෂයේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායකවරයා මෙහි දී කියා සිටි අතර, 2024 වර්ෂය සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික කාර්ය වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ අනුමැතියට ඉදිරිපත් කර එය ඉන්පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා එහි දී සඳහන් කර තිබෙනවා.
තවද පාර්ලිමේන්තුවේ විවිධ කමිටු එක්ව විගණාධිපතිවරයා සහ ජාතික විගණන කාර්යාලය සිදුකරනු ලබන කාර්යයන් සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කොට තිබෙනවා.