ජංගම දුරකථනයක් නිසා ජීවිතයෙන් සමුගත් 15 හැවිරිදි දැරිය: පසුගිය 4 වැනිදා පාසලට ජංගම දුරකථනයක් රැගෙන ඒම හේතුවෙන් විදුහලේ විදුහල්පතිවරයා ඇයට අවවාද කොට පසුදින පියා සමඟ පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.
ගලෙන්බිඳුණුවැව, හුරුලුනිකවැව අනුර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවියක් වස පානය කර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ, පාසලට ජංගම දුරකථනයක් රැගෙන ඒමේ සිද්ධියක් මුල්කොටගෙනයි.
අදාළ ශිෂ්‍යාව පසුගිය 4 වැනිදා පාසලට ජංගම දුරකථනයක් රැගෙන ඒම හේතුවෙන් විදුහලේ විදුහල්පතිවරයා ඇයට අවවාද කොට පසුදින පියා සමඟ පැමිණෙන ලෙස දන්වා අදාළ ජංගම දුරකථනය විදුහල්පතිවරයා භාරයට ගෙන තිබෙනවා.
ඉන් බියට පත් සිසුවිය පසුදා පාන්දර තම පියා ගොවිතැන් කටයුතු සඳහා ගෙනැවිත් තිබූ කෘමිනාශක වර්ගයක් පානය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
වස පානය කළ සිසුවිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ඇගේ ජීවිතය බේරාගැනීමට හැකි වී නැහැ.
මෙම දැරිය පවුලේ එකම දරුවා බවද පොලිසිය සඳහන් කළා.