කළුතර සිසුවියගේ අබිරහස් ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට: කළුතර ලැගුම්හලකදී අභිරහස් ලෙස ඉන් ඇද වැටී 16 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

MonaraMonara

ඡායාරූපය - දිවයින

කළුතර ලැගුම්හලකදී අබිරහස් ලෙස ඉන් ඇද වැටී 16 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇයගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අදාළ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරීමටයි පසුගියදා නියෝග කෙරුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කෙරුණු අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවයි.

කළුතර හෝටලයක ඉහළ මහලෙන් ඇද වැටී මෙම පාසල් සිසුවිය ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 06 වැනිදායී.