ලක්ෂ 3කට අධික ඇඳුම් ‌‌බෑගය සොරාගත් සැකකරු පැය 48න් අල්ලයි: කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පාර්සල් කවුන්ටරයේදී ලක්ෂ තුනහාමාරකට අධික වටිනාකමකින් යුත් ඇඳුම් බෑගයක් සොරකම් කළ පුද්ගලයෙකු පැය 48ක් ගතවීමට පෙර මාවනැල්ල ප්‍රදේශයේදී ‌අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

MonaraMonara

විවාහ මංගල්‍යයකට සහභාගි වීමට අමෙරිකාවේ සිට පැමිණි යුවළකට අයත් මෙම බෑගය නැතිවීම සම්බන්ධයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලට අනුව ගුවන් තොටුපළේ CCTV දර්ශන පරීක්ෂාවේදීයි සැකකරු හඳුනා ගෙන ඇත්තේ.

සැකකරු ගුවන් තොටුපොළේදී නැගගත් කුලී රථයෙන් ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් බැස යාම හේතුවෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයෙන් පසු ඔහුගේ ස්ථිර ලිපියන සඳහන් මාවනැල්ලේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරකට අධික වටිනාකමකින් යුත් එක් ඇඳුම් කට්ටලයක් වැල්ලම්පිටියේ පුද්ගලයකුට රුපියල් දෙදහසකට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර එය රුපියල් 4500කට වැල්ලම්පිටියේදී ඇඳුම් කුලියට දෙන තැනකට විකුණා තිබෙනවා.

සැකකරුගේ නිවසේ තිබී සොරකම් කරන ලද බෑගය හා එහි තිබූ විවාහ මංගල්‍යයට රැගෙන ආ සපත්තු ඇතුළු අනෙකුත් දෑ හමුවී තිබෙනවා.

26 හැවිරිදි මොහොමඩ් තවුතිස් අහමඩ් නමැති මෙම සැකකරු කුවේට් රාජ්‍යයේදී වීසා නොමැතිව හසුවී මෙරටට පිටුවහල් කළ අයෙක්.