ශ්‍රී ලංකාවේ රග්බි තහනම ඉවතට: ආසියානු රග්බි සභාපති ඇමති රොෂාන්ට දන්වයි

MonaraMonara

Shamindra Fernando

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ බව ආසියානු රග්බි සම්මේලනයේ සභාපති, කායිස් අල් දලායි මහතා විසින් මෙරට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දන්වා තිබෙනවා.

ඒ අද (04) උදෑසන ඩුබායිහි දී ඒ මහත්වරුන් හමු වූ අවස්ථාවේ දී යි.

එහි දී ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම පැරීසියේ පැවැති රැස්වීමක දී ඉවත් කළ බවයි.

එම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.