මෙරට උද්ධමනය තවදුරටත් පහළට: ආහාර කාණ්ඩය ඍණ වෙයි
මෙරට උද්ධමනය සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු මාසයට අදාළ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව එම අගය දැක්වෙන්නේ සියයට 2.1ක් ලෙසින්.
ජූලි මාසයේ දී උද්ධමනය සියයට 4.6ක් ලෙසින් සටහන් වුණා.
මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේ දී සියයට -5.4ක් ලෙසයි දැක්වෙන්නේ.
ජූලි මාසයේ දී එම අගය සියයට -2.5ක්. ආර්ථික අර්බුදයත් සමග පසුගිය වසරේ ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් සිදු වුණා.
පසුගිය ජනවාරි මාසයේ උද්ධමනය වාර්තා වී තිබුණේ සියයට 53.2ක් ලෙසයි.