එංගලන්තයේ සුදු ජාතික නොවන ළාබාලතම විනිසුරුවරිය වූ ශ්‍රී ලංකාවේ අයේෂා: කුමන හෝ ජන වර්ගයක තුන්වන ළාබාලතම විනිසුරුවරිය වන්නේද අයේෂා ස්මාර්ට් මහත්මියයි.

MonaraMonara

අයේෂා ස්මාර්ට්

Colombo (Monara) June 06: ශ්‍රී ලාංකික කාන්තාවක්වන 34 හැවිරිදි අයේෂා ස්මාර්ට් හට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක් හිමිවුණා.

එංගලන්තයේ විනිසුරුවරියක වූ සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාව වන්නේ ඇයයි.

එමෙන්ම කුමන හෝ ජන වර්ගයක තුන්වන ළාබාලතම විනිසුරුවරිය වන්නේද අයේෂා ස්මාර්ට් මහත්මියයි.

ඇය වයස අවුරුදු 14දී එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර ඉන්පසු එංගලන්තයේ ලීඩ්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳව හැදෑරුවා.

ඉන්පසු ඇය විශේෂඥ වෛද්‍යවරියක ලෙස හැරොගේට්හි දිස්ත්‍රික් රෝහලේ සේවය සේවය සඳහා එක්වුණා.

අනතුරුව ඇය ලීඩ්ස් සරසවියේම නීතිවේදය පිළිබඳව හදාරා බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම ලබා තිබෙනවා.

අදාළ පත්වීමෙන් අනතුරුව අයේෂා ස්මාර්ට් මෙලෙස අදහස් පළ කළා.

“මම මේ ජයග්‍රහණය ගැන ඇත්තටම ආඩම්බර වෙනවා. මගේ පවුලේ අයත් එහෙමයි. මට මතකයි මට පත්වීම ලැබුණු වෙලාවේ මගේ අම්මා ප්‍රකාශ කළා ඇයගේ පවුලේ අය ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට ගිය එක වටිනවා කියලා. මගේ ජීවිතයේ සහ වෘත්තීය ජීවිතය තුළ විවිධ අගතීන්ට මුහුණ දුන් කෙනෙකු ලෙස මම දෙන ධනාත්මක පණිවුඩය වන්නේ සුදු නොවන පුද්ගලයන්ට සහ කාන්තාවන්ටත් ඔවුන්ගේ සුදු හෝ පිරිමි සගයන් මෙන් සාර්ථක විය හැකි බවයි. යෞවනයින් යනු මෝඩයින් නොවන බවත් පෙන්වීමට හැකි වීම ඇත්තෙන්ම ධනාත්මකයි."

අවසන් වශයෙන් ඇය ප්‍රකාශ කළේ

"විනිසුරුවරුන් වඩාත් ජ්‍යෙෂ්ඨ විය යුතුය, වරප්‍රසාද ලත් පසුබිමකින් පැමිණිය යුතුය හෝ ඔක්ස්බ්‍රිජ් වෙත යා යුතුය යන මිථ්‍යාව දුරු කිරීමට ද මෙම පත්වීම උපකාරී වේ," යනුවෙනි.

MonaraMonara

අයේෂා ස්මාර්ට්