ව්‍යාජ සාක්ෂි චෝදනාවෙන් ශානි අබේසකර නිදහස්: නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු නැහැ! නීතිපති කියලා
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි ඝාතන නඩුවකට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට වූ චෝදනාවෙන් හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු සිව් දෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නිදහස් කළා.
ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට කළ දැනුම් දීම හේතුවෙන්.
අද නිදහස් කෙරුණු සෙසු පුද්ගලයින් වන්නේ පොලිස් පරීක්ෂකවරුන් වන සුගත් මෙන්ඩිස් , නිශාන්ත සිල්වා හා ආර් ප්‍රේමතිලක යන මහත්වරුන් ය.
2020 වසරේ අගොස්තු මාසයේ මෙම නඩුව පවරනු ලැබුවේ අදාළ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.