තැලිසීමියා රෝගය වළක්වා ගැනීමේදී ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්: ලෝකයේ තැලිසීමියාව බහුල රටවල් එම රෝගය පාලනය කර තිබියදීත් ශ්‍රී ලංකාවට එය පාලනය කිරීමට මෙතෙක් හැකිව නැහැ
ලෝකයේ තැලිසීමියාව බහුල රටවල් එම රෝගය පාලනය කර තිබියදීත් ශ්‍රී ලංකාවට එය පාලනය කිරීමට මෙතෙක් හැකිව නොමැති බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ඒකකයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද මහතා පවසනවා.
තැලිසීමියා රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවටයි මහාචාර්යා පවසන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනගහනයෙන් 3%ක් තැලසීමියා වාහකයින් බවට අනාවරණය වී ඇති බවයි.
මේ අතර කුරුණෑගල ශික්ෂණ මහ රෝහලේ තැලසීමියා ඒකකයේ වෛද්‍ය මානෙල් රත්නායක මහත්මිය සඳහන් කළේ තැලසීමියා රෝගීන් දෙදෙනෙක් අතර විවාහයක දී 25%කට මහා තැලසීමියාව සහිත දරුවන් ඉපදීමේ හැකියාව ඇති බවයි.
50%ක් තැලසීමියා වාහක දරුවන් බිහිවීමේ හැකියැව ඇති අතර 25%ක් නිරෝගී දරුවන් බිහිවන බවද රත්නායක මහත්මිය සඳහන් කළා