බදු අංකය ගැන විශේෂ දැනුම්දීමක්: අප්‍රේල් පළමුවැනිදා දක්වා කල් ගිය තීරණය
ආදායම් බදු අංක ලබා ගැනීමට ලබා දී තිබූ අවසන් දිනය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව ජංගම ගිණුමක් විවෘත කිරීමේ දී, රථ වාහන ලියාපදිංචි කිරීමේ දී සහ අලුත් කිරීමේ දී එම අංකය අනිවාර්ය කිරීම අප්‍රේල් පළමුවැනිදා දක්වා කල් යනු ඇති.
පෙබරවාරි පළමුවනදා සිට එම අංකය සලකා බැලීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.
මේ අතර එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවයකන් සඳහා බදු අංක විවෘත කර දීමේ වැඩපිළිවෙල තාවකාලිව කල් දමා ඇති බව ද සඳහන්.