ළමා දිනය දා කෝට්ටේ විශේෂ වැඩසටහනක්: දරුවන් 500ක් එක්වෙයි

MonaraMonara

ඡායාරූපය සහ මූලාශ්‍රය - ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත නිරෝෂන්ගෙන්

ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් ඊයේ කෝට්ටේ ජනාධිපති විද්‍යාල රංග ශාලාවේ දී පැවැත්වුණා.

මෙම ළමා වැඩසටහන දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබුණේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතිය විසින්.

සමුපකාර සමිතියට අයත් කැළණි මිටියාවත, කෝට්ටේ, කඩුවෙල, නැගෙනහිර කොළඹ, බොරැල්ල කලාපවල දරුවන්ගේ කුසලතා එළිදැක්වීමට මෙමගින් අවස්ථාව හිමි කර දී තිබුණා.

මෙම වැඩසටහනට නර්තන සහ ගායන හැකියාවන් සහිත දරුවන් 500ක් පමණ එක්ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කාන්තාවන්ගේ සමුපකාර සමිතියේ නිර්මාතෘ දිවංගත නන්දසිරි ගමගේ මහතාගේ සංකල්පයන් ඉදිරියට ගෙන යමින් කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් සවිබල ගන්වමින් පවත්වාගෙන යන වැඩසටහන් අතරට මෙම ලෝක ළමා දින වැඩසටහන ඇතුළත් කර ඇත්තේ මෙවර පළැමු වරට වීම ද විශේෂත්වයක්.