දකුණේ බස් රථ අනතුරක් - 10ක් රෝහලේ: මෙලෙස අනතුරට ලක්වී තිබුණේ මාතර සිට වැලිපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට අකුරැස්ස දෙසට ධාවනය වූ ලංගම බස් රථයක්.

MonaraMonara

ඡායාරූපය - Ada Derana

වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ උඩුකාව හතරේ කණුව ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් මගීන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

අනතුර සිදුව ඇත්තේ අද පස්වරුවේයි.

මෙලෙස අනතුරට ලක්වී තිබුණේ මාතර සිට වැලිපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට අකුරැස්ස දෙසට ධාවනය වූ ලංගම බස් රථයක්.

අධික වේගය අනතුරට හේතුව බවටයි සැක පළ වන්නේ.